විෂය ප්‍රවීණත්වය ඇති පිළිගත් බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් වෙතින් උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර පිළිබඳ වාර්තාවක් ලබා ගනු



මාධ්‍ය නිවේදනයයි
මෙවර අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉතිහාසයේ හොඳම ප්‍රශ්න පත්‍රය බව විශේෂඥයන් පවසන්නේ යයි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

මෙම අධ්‍යාපන ඇමතිවරයා ම පසුගිය 10දා පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යොමු කිරීම සඳහා කරුණු 5ක් යටතේ වාර්තාවක් ලබා දෙන්නැයි විභාග කොමසාරිස්වරයාට දැනුම් දුන් බවයි. 

උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රියාවලියේ දිගු කලක් නියැලී සිටි ප්‍රධාන පාලක පරීක්ෂක මහාචාර්ය ඩැනී අතපත්තු මහතා ඉවත් කිරීම, නව පාලක පරීක්ෂකවරයකු පත් කිරීම හා ප්‍රශ්න පත්‍රවල දෝෂ පිළිබඳව ගුරු සංගම් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධ පැහැදිලි කිරීම් මෙම වාර්තාවෙන් ලබා දෙන ලෙස අධ්‍යාපන ඇමතිවරයා විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබිණි.
එම වාර්තාව ලබා ගැනීමටත් පෙර ම ප්‍රශ්න පත්‍රය ඉතා හොඳ එකක් බවට ඇමතිවරයා ප්‍රකාශ නිකුත් කරද්දී විභාග කොමසාරිස්වරයා ද මීට පෙර මාධ්‍යයට පැවසුවේ උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් නොමැති බවයි. 

ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවා තිබෙන්නේ මෙවැනි පූර්ව විනිශ්චයන් මත පිහිටා කටයුතු කරන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් වීම අතිශය කණගාටුදායක ය. ඔවුන් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් නො කරන බව හා වාර්තාව ලබා දෙනු ඇත්තේ සිය වැරදි වසාගෙන නිදොස් වීම සඳහා බව මෙම ප්‍රකාශවලින් ඉතා පැහැදිලි ය. 

එබැවින් මෙම නිලධාරීන් විසින් සැකසීමට යන වාර්තාව වෙනුවට විෂය ප්‍රවීණත්වය ඇති පිළිගත් බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් වෙතින් උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙස ද, ප්‍රශ්නයට මුහුණ දී සිටින සිසුන්ට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට අදාළ බලධාරීන්ට නියෝග කරන ලෙස ද අපි ජනාධිපතිවරයාගෙන් නැවතත් ඉල්ලා සිටිමු.  

ජෝසප් ස්ටාලින්
ලේකම්, ලංකා ගුරු සංගමය

1 comments:

Unknown said...

ප්‍රියන්ක ප්‍රනාන්දු ගේ අනුරාධපුරේ මෙි සැරේ පත්වුන ලේනම් සහ සභාපති දෙන්නාම හොරුය ටියුෂන් කාක්කෝය so how can we belive this union
එකෙක් ශිෂ්‍යත්වය ප්‍රෂ්ණ ප.්‍රය හොරකමි කරපු ආනන්දය අනෙකා ටියුෂන් කාක්කෙක්ය සරත්ය මුන් කොහොමද ගුරුවරුඅන්ට සේවය කරන්නේ මෙවා ස්ටාලින් මහත්තය දන්නේ නැතුව ඇති

Post a Comment